නොදියුණු සිතේ තාවකාලික අවබෝධය
දිනක් රෝහල් ඇඳේ සැතපී උදෑසන ඇඳ සුදු සරම් රෝද හතරේ ඇඳේ නැග පෝලිමට යයි කරුමෙක තරම් ලයිට් හතරක් පහක් යට ඇස්දෙක ඇරන් උඩ බිම බලම් දුටිමි මම ජීවිතය මෙතුවක් කිසි දිනෙක නොදුටුව තරම් කෝච්චියකට පැනපු මිනිහෙක් අරන් ආවා බේරිලා බයිසිකලයක හැප්පිලා තව කෙනෙක් ආවා ඌ මළා ගලන ඕජස් දිරන සිරුරේ අනිත්‍යය දෙස බල බලා සිත සිතා සිටි සිතත් අරගෙන නැවත යමි නිවහන බලා නැවත නිවසට පැමිණ සතියක් දෙකක් ගතවී ගෙනගියා වේදනාවන් ටිකෙන් ටික යළි දිනෙන් දින අඩු වූ නියා යළිත් නැවතත් මගේ සිත මට පුරුදු සිතිවිලි ගෙනගියා හිතට වදදුන් ශෝක සංකා කොහේදෝ කොතැනක ගියා