Posts

Showing posts from August, 2014

නිවස

පොලිය දාහතරයි වාරිකය තුන්දාහයි පඩිය පන්දාහයි ගෙයක් සදනට නයක් ගත්තයි අත්තිවාරම දැම්මයි ඒ උඩ ගඩොල් බැම්මයි වහලෙ ගැහුවම ගැම්මයි තවම යන්නේ පැනපු පිම්මයි පුතා ටික ටික ලොකුවේ දනිස් මාබල් නොමැති පොලොවේ ගැටි ගැටී ගල්වේ ගේ ඒ තැනම පල්වේ නයනම් ඉවර නැතී තවත් අවුරුදු විසිපහක් ඇති පඩිපත බැංකුවට යති අඩක් වත් තව ඉවරනම් නැති පුතුට දැන් විසිපහයි මට දැන් පනස් පහයි අර්තසාදකේ ගත්තයි ගෙයි වැඩත් යාන්තම් අහවරයි පුතු කොලඹ යන්නේ බැංකුවකමයි වැඩ කරන්නේ ලඟදිම බඳින්නේ ගේ තමයිලුනෙ තියන ප්‍රශ්නේ මෝස්තරේ පරණයි පුතු තාම තරුණයි පරණ ගේ කැඩුනයි තවම ඇත්තේ ප්ලෑන පමනයි