Posts

Showing posts from 2012

ප්‍රේමය

නැගෙන දැනෙන දුක් දොම්නස් ළඟ සෑම නොසැලෙන පෙමින් මා සනසන්නේ කෝම නැහැවී තෙමී සිහිලැල් වැස්සේ ප්‍රේම අද දින උවත් මගෙ සිත සතුටිනි බෝම

නොදියුණු සිතේ තාවකාලික අවබෝධය

දිනක් රෝහල් ඇඳේ සැතපී උදෑසන ඇඳ සුදු සරම් රෝද හතරේ ඇඳේ නැග පෝලිමට යයි කරුමෙක තරම් ලයිට් හතරක් පහක් යට ඇස්දෙක ඇරන් උඩ බිම බලම් දුටිමි මම ජීවිතය මෙතුවක් කිසි දිනෙක නොදුටුව තරම් කෝච්චියකට පැනපු මිනිහෙක් අරන් ආවා බේරිලා බයිසිකලයක හැප්පිලා තව කෙනෙක් ආවා ඌ මළා ගලන ඕජස් දිරන සිරුරේ අනිත්‍යය දෙස බල බලා සිත සිතා සිටි සිතත් අරගෙන නැවත යමි නිවහන බලා නැවත නිවසට පැමිණ සතියක් දෙකක් ගතවී ගෙනගියා වේදනාවන් ටිකෙන් ටික යළි  දිනෙන් දින අඩු වූ නියා යළිත් නැවතත් මගේ සිත මට පුරුදු සිතිවිලි ගෙනගියා හිතට වදදුන් ශෝක සංකා කොහේදෝ කොතැනක ගියා

භවේ හැටී

කරදර වරින් වර එයි ඒ භවේ හැටී වැටුනත් විටෙක කරදර අභිමුවේ ගැටී කවියත් නැගෙන රසයත් ඔසු ලෙසින් වටී යලි අද හෙටම මම දෙපයින් නැගී සිටී