තිස්තුන් වසකට පසු පලමු වරට ආපසු මේ ලෙස හැරී බැලීමි
කොලඹට නුදුරු පෙදෙසක හිඳ සිතමි මෙසේ ගෙනයමි සිතුම් රැලි පියවා පියලි ඇසේ දුක සැප සමව සරසන ජීව්තයෙ රසේ විඳි මා දුකද රසයක් ලෙද දකින ලෙසේ තිස්තුන් වසට පෙර මටනම් මතක නැතී එනමුතුත් තවම අම්මේ මතකයේ ඇතී අදමෙන් යාන වාහන සැප කිසිත් නැතී කාලෙක කොහොම, හිතුවත් වැටහෙන්නෙ නැතී මැවිලා පෙනෙයි නිදිබර නෙත් නින්ද නැතී අම්මයි තාත්තයි මා ලඟ ඉන්න ඇතී සංසාරයේ මේ ගමනේ නිමක් නැතී පෙර පින් බෙලෙන් නුඹෙ කුස උපදින්න ඇතී චිමිනි ලාම්පුව එලියේ පසෙක තබා කවනා බතට කව් ගී රස ඇතිය ලබා දෙල්ගස්වත්ත සඳ එලියේ දිලෙන සොබා සිහිවී මගේ හිත හිනැහේ සතුට ලබා ඉපනැලි දිගේ දුවනා කොලු රැලක් උනී ඒ කොලු රැලට එක් වෙන්නට වරම් දුනී පොත පත සමව ගහකොල ගම රුවන් වැනී නුඹ ඒ රුවන් ඔප දැමුමට කියාදුනී අපි සිවු දෙනෙකි නංගිත් ආවට පස්සේ අම්මා වෙහෙස වෙයි තුන් තිස් පෑ තිස්සේ මොන වැඩ ඇතත් ඇති ඒ හැම වැඩ අස්සේ අප ගෙන ගියා සුන්දර ගී හඬ ඔස්සේ කාලය ගෙවී ගම හැරදා එන්න උනී මෙතුවක් ඇනුනු කටු එකවිට රිදුම් දුනී දෙනගම ගමේ විසිතුරු පපුතුරේ ඇනී දහසක් අතර ඇයි මට මේ තරම් තනී මේ පරිසරය හුරුවිය කලකට පස්සේ එනමුත් ගමේ තාලෙට හදවත ගැස්සේ...