තිස්තුන් වසකට පසු පලමු වරට ආපසු මේ ලෙස හැරී බැලීමි
කොලඹට නුදුරු පෙදෙසක හිඳ සිතමි මෙසේ
ගෙනයමි සිතුම් රැලි පියවා පියලි ඇසේ
දුක සැප සමව සරසන ජීව්තයෙ රසේ
විඳි මා දුකද රසයක් ලෙද දකින ලෙසේ
ගෙනයමි සිතුම් රැලි පියවා පියලි ඇසේ
දුක සැප සමව සරසන ජීව්තයෙ රසේ
විඳි මා දුකද රසයක් ලෙද දකින ලෙසේ
තිස්තුන් වසට පෙර මටනම් මතක නැතී
එනමුතුත් තවම අම්මේ මතකයේ ඇතී
අදමෙන් යාන වාහන සැප කිසිත් නැතී
කාලෙක කොහොම, හිතුවත් වැටහෙන්නෙ නැතී
මැවිලා පෙනෙයි නිදිබර නෙත් නින්ද නැතී
අම්මයි තාත්තයි මා ලඟ ඉන්න ඇතී
සංසාරයේ මේ ගමනේ නිමක් නැතී
පෙර පින් බෙලෙන් නුඹෙ කුස උපදින්න ඇතී
චිමිනි ලාම්පුව එලියේ පසෙක තබා
කවනා බතට කව් ගී රස ඇතිය ලබා
දෙල්ගස්වත්ත සඳ එලියේ දිලෙන සොබා
සිහිවී මගේ හිත හිනැහේ සතුට ලබා
ඉපනැලි දිගේ දුවනා කොලු රැලක් උනී
ඒ කොලු රැලට එක් වෙන්නට වරම් දුනී
පොත පත සමව ගහකොල ගම රුවන් වැනී
නුඹ ඒ රුවන් ඔප දැමුමට කියාදුනී
අපි සිවු දෙනෙකි නංගිත් ආවට පස්සේ
අම්මා වෙහෙස වෙයි තුන් තිස් පෑ තිස්සේ
මොන වැඩ ඇතත් ඇති ඒ හැම වැඩ අස්සේ
අප ගෙන ගියා සුන්දර ගී හඬ ඔස්සේ
කාලය ගෙවී ගම හැරදා එන්න උනී
මෙතුවක් ඇනුනු කටු එකවිට රිදුම් දුනී
දෙනගම ගමේ විසිතුරු පපුතුරේ ඇනී
දහසක් අතර ඇයි මට මේ තරම් තනී
මේ පරිසරය හුරුවිය කලකට පස්සේ
එනමුත් ගමේ තාලෙට හදවත ගැස්සේ
නගරයෙ වැටෙන ගල් මුල් ගැරහුම් වැස්සේ
නොතේමී ඉන්න කුඩ හිස ඉහලින් ඉස්සේ
යෞවන වියේ විසිතුරු හැඟුමන් මැද්දේ
හොඳ හා නරක දෙපසට එකවිට ඇද්දේ
අම්මයි තාත්තයි හිඳ නැති නම් මැද්දේ
අද මා මෙතන නැත තවමත් මහ බැද්දේ
කාලය ගලායයි වෙන්වී යායුතුය
ලොකු අයියා දිනයි ඔහුසතු ජීවිතය
අක්කයි ඇගේ ආදරයයි මාවතය
ඔහුගෙම කැදැල්ලට ඔහු අද යායුතුය
පොඩි අයියාද යලි ගම් පෙදෙසටම උනා
ආසිරිවාද ගී ගැයුවා සියලු දෙනා
රණ්වන් රණින් සරසා කුමරියකි ගෙනා
ටික දිනකින් කෙලිපැටියෙක් තුරුලු උනා
බාලේ සෑමදා මට ගෝරිම දැම්මා
බඩ පිස්සිය නමුත් වාගෙයි ලොකු අම්මා
අපි හැමගේම නිරතුරු දිනු හද පෙම්මා
ඇය දැන් පුංචි දූ කුමරියෙකුගෙ අම්මා
මේ පින් බිමෙන් නික්මෙන්නට වූ කලකි
එය මට එදා ඉවසාගනු බැරි දුකකි
කතරක ගෙවුනු කාලය හද දුක් ගඟකි
අද මට සොඳුරු සිතුවිලි දෙන උල්පතකි
තුන් වසකට පෙර සුන්දර වෙසක් මහේ
ඇය හමු උනා දුක් ගංගා වාන් වැහේ
මාගේ පැලට ඇය කැන්දා පැමිනි දොහේ
මගෙ හිත මටම කියු ගීතය තවම ඇහේ
දුවපැන නටන පුතු මිදුලේ හිඳිනු පෙනී
නැගෙනා හැඟුම් කවියක වී හිතට අනී
අම්මයි නුඹයි මට මගෙ ජීවිතය වැනී
හැම දේ දෙවෙනි කොට නුඹ මුල් තැනට උනී
සිව්දෙන වෙන වෙනම ඈතක කූඩු වෙතී
එකමුතු කමේ කිසිවක් අඩුපාඩු නැතී
එක ලෙස එකට හැමදාමත් එකතුවෙතී
අම්මයි තාත්තයි එහි මුල් පුටුව ගතී
එනමුතුත් තවම අම්මේ මතකයේ ඇතී
අදමෙන් යාන වාහන සැප කිසිත් නැතී
කාලෙක කොහොම, හිතුවත් වැටහෙන්නෙ නැතී
මැවිලා පෙනෙයි නිදිබර නෙත් නින්ද නැතී
අම්මයි තාත්තයි මා ලඟ ඉන්න ඇතී
සංසාරයේ මේ ගමනේ නිමක් නැතී
පෙර පින් බෙලෙන් නුඹෙ කුස උපදින්න ඇතී
චිමිනි ලාම්පුව එලියේ පසෙක තබා
කවනා බතට කව් ගී රස ඇතිය ලබා
දෙල්ගස්වත්ත සඳ එලියේ දිලෙන සොබා
සිහිවී මගේ හිත හිනැහේ සතුට ලබා
ඉපනැලි දිගේ දුවනා කොලු රැලක් උනී
ඒ කොලු රැලට එක් වෙන්නට වරම් දුනී
පොත පත සමව ගහකොල ගම රුවන් වැනී
නුඹ ඒ රුවන් ඔප දැමුමට කියාදුනී
අපි සිවු දෙනෙකි නංගිත් ආවට පස්සේ
අම්මා වෙහෙස වෙයි තුන් තිස් පෑ තිස්සේ
මොන වැඩ ඇතත් ඇති ඒ හැම වැඩ අස්සේ
අප ගෙන ගියා සුන්දර ගී හඬ ඔස්සේ
කාලය ගෙවී ගම හැරදා එන්න උනී
මෙතුවක් ඇනුනු කටු එකවිට රිදුම් දුනී
දෙනගම ගමේ විසිතුරු පපුතුරේ ඇනී
දහසක් අතර ඇයි මට මේ තරම් තනී
මේ පරිසරය හුරුවිය කලකට පස්සේ
එනමුත් ගමේ තාලෙට හදවත ගැස්සේ
නගරයෙ වැටෙන ගල් මුල් ගැරහුම් වැස්සේ
නොතේමී ඉන්න කුඩ හිස ඉහලින් ඉස්සේ
යෞවන වියේ විසිතුරු හැඟුමන් මැද්දේ
හොඳ හා නරක දෙපසට එකවිට ඇද්දේ
අම්මයි තාත්තයි හිඳ නැති නම් මැද්දේ
අද මා මෙතන නැත තවමත් මහ බැද්දේ
කාලය ගලායයි වෙන්වී යායුතුය
ලොකු අයියා දිනයි ඔහුසතු ජීවිතය
අක්කයි ඇගේ ආදරයයි මාවතය
ඔහුගෙම කැදැල්ලට ඔහු අද යායුතුය
පොඩි අයියාද යලි ගම් පෙදෙසටම උනා
ආසිරිවාද ගී ගැයුවා සියලු දෙනා
රණ්වන් රණින් සරසා කුමරියකි ගෙනා
ටික දිනකින් කෙලිපැටියෙක් තුරුලු උනා
බාලේ සෑමදා මට ගෝරිම දැම්මා
බඩ පිස්සිය නමුත් වාගෙයි ලොකු අම්මා
අපි හැමගේම නිරතුරු දිනු හද පෙම්මා
ඇය දැන් පුංචි දූ කුමරියෙකුගෙ අම්මා
මේ පින් බිමෙන් නික්මෙන්නට වූ කලකි
එය මට එදා ඉවසාගනු බැරි දුකකි
කතරක ගෙවුනු කාලය හද දුක් ගඟකි
අද මට සොඳුරු සිතුවිලි දෙන උල්පතකි
තුන් වසකට පෙර සුන්දර වෙසක් මහේ
ඇය හමු උනා දුක් ගංගා වාන් වැහේ
මාගේ පැලට ඇය කැන්දා පැමිනි දොහේ
මගෙ හිත මටම කියු ගීතය තවම ඇහේ
දුවපැන නටන පුතු මිදුලේ හිඳිනු පෙනී
නැගෙනා හැඟුම් කවියක වී හිතට අනී
අම්මයි නුඹයි මට මගෙ ජීවිතය වැනී
හැම දේ දෙවෙනි කොට නුඹ මුල් තැනට උනී
සිව්දෙන වෙන වෙනම ඈතක කූඩු වෙතී
එකමුතු කමේ කිසිවක් අඩුපාඩු නැතී
එක ලෙස එකට හැමදාමත් එකතුවෙතී
අම්මයි තාත්තයි එහි මුල් පුටුව ගතී
Comments
Post a Comment