රැස් කඳ විදා මහ ගිරි මුදුනත නාවා ඒ ගිර පාමුලේ මල් ගොමුවට ආවා මේ රෑ රෑහි හඬ මැද කුසුමක් ගාවා රෑ එලි වෙන තුරා පෙම් ගීයක් කීවා තනිකර දමා සඳ මත සැතපෙන හාවා හිරු ගල වැටෙන මොහොතේ එබිකම් පෑවා කඳු පාමුලට වන් සඳ රැස් ගඟ ගාවා නැලවෙන කුසුම සඳ වෙත කවියක් කීවා රෑ ඝන අඳුර මැද සීතල සුලඟ මැදින් මා මන මත් උනත් රැස් ගඟ සෙනෙහෙ නදින් කලු සලු උනා සැරසෙන ගිරිසිකර මතින් සැඟවී කොහේ යන්නෙද මීදුමට මැදින් හෙට ගොම්මනේ යලි මා මෙහි සොයනු එපා කෙටි ජීවිතය නැත මා ගැන අනුකම්පා කන්ද උඩින් සුපුරුදු ලෙස සෙනෙහෙ පපා අලුතින් පිපුනු මලකට ලං වෙන්න එපා
Ela,, Ela,, This is very true machan
ReplyDeleteGood work machan. All the best for you, keep it up all your good work.
ReplyDelete