හිඳී සොම්නස ජය ලබා
ගමේ පොල් අතු පාසලේ ගුරුතුමී ඇය රූ සිරි ඇතී නැටුම් පන්තිය බලා ඉන්නට තිබේනම් මට ඒ ඇතී මගේ හිත මේ ගැහෙන තාලය තවම ඇය දන්නේ නැතී තනෙන තම්දෙන ඇසෙන විට මා සිටින තැන මතකත් නැතී ඔසරි පොට ගෙන පිසූ දෙකොපුල රෝස පැහැයක් ගෑවුනා නීල වරලස නටන තාලෙට සිහිනි ඉඟසුඟ නැල උනා සුරඟනක් වැනි මෙවන් සුන්දර රූසිරින් මන් මත් උනා හද්ද පිටිසර සොඳුරු පෙදෙසක ඉලුක් සෙවනට ගොඩ උනා වාඩිවෙන්නත් තැනක් නැන මෙහි පිලේ පැදුරක් එලන්නම් තාත්තා හේනට වෙලා ඇති ඉන්න හනිකට කියන්නම් පයින් ඇවිදින් මහන්සිත් ඇති බොන්න බෙලිමල් හදන්නම් ඉන්න හවසට යන්න හැකි නොවැ කන්න විගහට උයන්නම් කිසිත් නොකියා බලා සිටියෙමි මගෙ හිත ගොලු වූ නියා මටත් නොදැනිම මගෙ හිත දුර ඈත ලොවකට ගෙනගියා බොන්න දුන් බෙලි මල් කෝප්පය පිලේ උඩ පසෙකින් තියා සොයා සුව සිහිනයේ ලොව තුල සිටින්නෙමි දෙනයන පියා මොකද මේ මහ දවල් නිදි ඇයි දෙව්ලොවින් ඇසුනා වැනී දෙනෙත් හැර බැලු කලට මිහිබට සුරඟනක් අසලින් උනී කොහේ කොයි අත ගියා දෝ පෙර දිනේ මට බැට දුන් තනී දෙන...