අසුන්දරත්වයේ දුටු සුන්දරත්වය

කුරුළු ගී තුරුලිය මල් උයන් නැතිද කාන්තාරයේ සැන්දැව මනරම්ය.කර්කශ දහවල නිමාකොට මැවෙන මේ සුන්දරත්වය වසර දෙකක කාලයක් මෙහි ගතකොට ගම්බිම් කරා පැමිනීමට ලංවූ විට මා සිතට දැනෙන සුන්දරත්වය මෙනි.චන්ඩ හිරුරැස ගත දවන දූවිලි මුසු සුලංසැර ගතට බැටදෙන විට හිත නොසැලෙන කෙනෙක් මෙ කාන්තාරයේ නැතුවාට සැක නැත.සැන්දැව සිත සනසන සුළුය.තෙරක් නොපෙනෙන මාහා වැලි කඳු සාගර රැලි මෙනි.චන්ඩ හිරු කාලය ඉදිරියේ පරාජය බාරගෙන මලානික මුහුනින් යුතුව වැලි කතරේ සැඟවීමට සැරසෙයි.රක්තවර්ණ රැස් රේඛා වැලිකඳු රැලි මත මවන විසිතුරු මා සිත මත්කරවන සුළුය.සීත කඳු පෙදෙසක,මහා කතරක සුන්දර මුහුදු වෙරලක මෙ කොහේ කොතැනක සිටියද මා, දවසේ කැමතිම වේලාව මෙය වෙයි.තනිකමට මුසුවූ අපූරු හැඟුම් සාගරයක මා සිත කිඳීයයි.

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු