Posts

Showing posts from September, 2011

රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී

දුටිමි දකිමි ලක වැනසෙනු හද කකියයි ලෙය රිදී රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී කියමු ලියමු තව තව හැකි පමණින් තවමත් මදී මකමු මකමු පරගැතිකම සිරිලක වැනසෙනු නොදී

ගැමි ලිය

සූසැට බරණ රණ් සලු පිලි නැතුවාට අඩුවක් පෙනේවිද ගැමි ලියගේ කාට නැතිමුත් දෙතොල ගැල්වූ දේදුනු පාට පහනකි දිලෙන ආලෝකය දෙන රෑට වත්තේ පහල හැමදා ඇවිදින ඈට දෙපයේ වෙලෙන්නට මිරිවැඩි නැතුවාට දෙපතුල බදන් දෙන කෙඳිරිලි නැත රෑට සුව නින්දක් නිදයි වත නැනසුම් පාට දිය පිරි කලය සෑදූ සිහිනිඟක සිරී පිරිපුන් නිතඹ නැලවේ දෙව්ලියක සරී උවනේ සිරිය වෑහේ සෙනෙහසින් පෙරී ඇය මේ ගමට සිරියයි ඇති නොමද දිරී

ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ

Image

සුදුසු දේසේ වාසය

නීල ගොයමක සුවඳ සෙව්වෙමි දැනෙන්නේ ලේ පිලී ගඳමය හන්දියේ කඩමන්ඩියේ සිත නිවාලන දහම් සෙව්වෙමි ඇසෙන්නේ ඒ ගෝර හඬමය පේන මානේ පල්ලියේ මගුල් කාරණ පෙර ඇසූයෙමි දැනේ එය පෙරටත් වඩා අද සුදුසු දේසේ වාසයේ

එදා සහ අද

Image

මගේ මවුබිම

Image