කාර්යාල දුම්රිය

සුපුරුදු පරිදි හැමදාමත් පමා වෙලා
දුම් රිය කොළඹ කොටුවෙන් ඇත පිටත් වෙලා
මරදානේ සුලු මොහොතක් නවත්වලා
නැවතත් ගමන අරඹන්නට හෝන් කළා

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
කණකර මුදල් සහ දුරකථනද ඉස්සේ
අඩු බව දැනෙන්නේ බැසගත්තට පස්සේ
ඇඳි වත රැකගත්ත හින්දයි සන්තෝසේ

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
පෙම් බස් කිය කියා තව සමහරු සැනසේ
දෙදෙනා දෑත් වල මංගල මුදු දිලිසේ
සැමියා රාගමින් ඇය බටුවත්තෙනි බැස්සේ

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
ජන්ගම අවන්හල තාලයකට ගැස්සේ
බෝතල දෙක තුනක් හැමදාමත් හිස්වේ
මේ අය හිඳින්නේ හැම වැසිකිළි අස්සේ

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
කාලය ගෙවාගන්නට හැමදෙන වෙහෙසේ
සිංහල සිරිත් ගුණදම් එකිනෙක වැනසේ
ගුණදම් කුමට සැනසෙන් මිතුරනි රිසිසේ

Comments

Post a Comment

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු