සුදු පුතා
කවුළුව තුලින් එන සීතල සුලං වැදී
මගෙ සුදු පුතා අද ගුලිවී සුවෙන් නිදී
දකිනා මගේ සිත නලියන හැඟුම් පොදී
එක්කර එකට බැඳ කවියක් හිතේ අඳී
ගිගුරුම් හඬට අතපය උස්සා ගස්සා
හැරුනා මුනිං පුතු උස්සාගෙන පස්සා
මගෙ හදවතට සෙනෙහස් පිනිදිය ඉස්සා
මට මෙය බලන්නම එක දිගටම වැස්සා
මගෙ සුදු පුතා අද ගුලිවී සුවෙන් නිදී
දකිනා මගේ සිත නලියන හැඟුම් පොදී
එක්කර එකට බැඳ කවියක් හිතේ අඳී
ගිගුරුම් හඬට අතපය උස්සා ගස්සා
හැරුනා මුනිං පුතු උස්සාගෙන පස්සා
මගෙ හදවතට සෙනෙහස් පිනිදිය ඉස්සා
මට මෙය බලන්නම එක දිගටම වැස්සා
Comments
Post a Comment