පැල්පත

රුදුරු ජීවන මංතලේ
මං වැරදිලා පියමං කළේ
පාර සොයනා රෑ කළේ
සඳ උවන ඇයි සරදම් කළේ

පැල්පතක එළියක් පෙනේ
මාලිගාවක් ලෙස දැනේ
සැනසුම් සුසුම් රැළි පාඋණේ
පැල්පතට සැණෙකින් ලං උණේ

ගිමන් නිවනා හැඟුමෙනී
පැල්පතේ මොහොතක් ඇල උනී
දෙනෙත් පියෙනා මොහොතෙනී
නිදහසේ නිදිසුව ලං උනී

ගතේ සුව සිසිලක් එතී
පිනි දියෙන් සියොළඟ නැහැවෙතී
යුග දෙනෙත් අහසට යොමු වෙතී
ඒ පැල්පතේ වහලක් නැතී

Comments

  1. හප්පේ වහලේ එහෙම ගහල හදලා ගන්න තියෙන්නේ .....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු