සඳ එළිය Get link Facebook X Pinterest Email Other Apps November 01, 2011 මිහිරි පෙම්වත් සඳ දියෙන් මා නහවපන් සුදු සඳවතී දෙනෙත පියෙනා නුරාවෙන් රස උරමි නාදලු තොල්පෙතී මසිත මවනා රටාවන් තුරු ලතාවන් සමගින් එතී සොඳුරු මේ රෑ සුරඟනන් සඳ කැළුම් එළියෙන් හිනැහෙතී Read more
පැල්පත Get link Facebook X Pinterest Email Other Apps October 29, 2011 රුදුරු ජීවන මංතලේ මං වැරදිලා පියමං කළේ පාර සොයනා රෑ කළේ සඳ උවන ඇයි සරදම් කළේ පැල්පතක එළියක් පෙනේ මාලිගාවක් ලෙස දැනේ සැනසුම් සුසුම් රැළි පාඋණේ පැල්පතට සැණෙකින් ලං උණේ ගිමන් නිවනා හැඟුමෙනී පැල්පතේ මොහොතක් ඇල උනී දෙනෙත් පියෙනා මොහොතෙනී නිදහසේ නිදිසුව ලං උනී ගතේ සුව සිසිලක් එතී පිනි දියෙන් සියොළඟ නැහැවෙතී යුග දෙනෙත් අහසට යොමු වෙතී ඒ පැල්පතේ වහලක් නැතී Read more
කාර්යාල දුම්රිය Get link Facebook X Pinterest Email Other Apps October 19, 2011 සුපුරුදු පරිදි හැමදාමත් පමා වෙලා දුම් රිය කොළඹ කොටුවෙන් ඇත පිටත් වෙලා මරදානේ සුලු මොහොතක් නවත්වලා නැවතත් ගමන අරඹන්නට හෝන් කළා හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ කණකර මුදල් සහ දුරකථනද ඉස්සේ අඩු බව දැනෙන්නේ බැසගත්තට පස්සේ ඇඳි වත රැකගත්ත හින්දයි සන්තෝසේ හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ පෙම් බස් කිය කියා තව සමහරු සැනසේ දෙදෙනා දෑත් වල මංගල මුදු දිලිසේ සැමියා රාගමින් ඇය බටුවත්තෙනි බැස්සේ හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ ජන්ගම අවන්හල තාලයකට ගැස්සේ බෝතල දෙක තුනක් හැමදාමත් හිස්වේ මේ අය හිඳින්නේ හැම වැසිකිළි අස්සේ හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ කාලය ගෙවාගන්නට හැමදෙන වෙහෙසේ සිංහල සිරිත් ගුණදම් එකිනෙක වැනසේ ගුණදම් කුමට සැනසෙන් මිතුරනි රිසිසේ Read more
බමර විසතුඩු Get link Facebook X Pinterest Email Other Apps October 08, 2011 මලක් මලවට බමන බමරුට කියූ මල් පැණි කතාවයි ඇසූ ඒ රස කථාවෙන් ඔදවැඩුණු නර්තන ලතාවයි බමර ගුමු ගුමු අතර විසතුඩු ඇනෙන්නේ එක වතාවයි එයින් අවසන දකින්නේ පිපි මලේ සියුමැලි සිනාවයි Read more
රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී Get link Facebook X Pinterest Email Other Apps September 30, 2011 දුටිමි දකිමි ලක වැනසෙනු හද කකියයි ලෙය රිදී රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී කියමු ලියමු තව තව හැකි පමණින් තවමත් මදී මකමු මකමු පරගැතිකම සිරිලක වැනසෙනු නොදී Read more
ගැමි ලිය Get link Facebook X Pinterest Email Other Apps September 29, 2011 සූසැට බරණ රණ් සලු පිලි නැතුවාට අඩුවක් පෙනේවිද ගැමි ලියගේ කාට නැතිමුත් දෙතොල ගැල්වූ දේදුනු පාට පහනකි දිලෙන ආලෝකය දෙන රෑට වත්තේ පහල හැමදා ඇවිදින ඈට දෙපයේ වෙලෙන්නට මිරිවැඩි නැතුවාට දෙපතුල බදන් දෙන කෙඳිරිලි නැත රෑට සුව නින්දක් නිදයි වත නැනසුම් පාට දිය පිරි කලය සෑදූ සිහිනිඟක සිරී පිරිපුන් නිතඹ නැලවේ දෙව්ලියක සරී උවනේ සිරිය වෑහේ සෙනෙහසින් පෙරී ඇය මේ ගමට සිරියයි ඇති නොමද දිරී Read more
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ Get link Facebook X Pinterest Email Other Apps September 29, 2011 Read more
සුදුසු දේසේ වාසය Get link Facebook X Pinterest Email Other Apps September 20, 2011 නීල ගොයමක සුවඳ සෙව්වෙමි දැනෙන්නේ ලේ පිලී ගඳමය හන්දියේ කඩමන්ඩියේ සිත නිවාලන දහම් සෙව්වෙමි ඇසෙන්නේ ඒ ගෝර හඬමය පේන මානේ පල්ලියේ මගුල් කාරණ පෙර ඇසූයෙමි දැනේ එය පෙරටත් වඩා අද සුදුසු දේසේ වාසයේ Read more
හිඳී සොම්නස ජය ලබා Get link Facebook X Pinterest Email Other Apps August 30, 2011 ගමේ පොල් අතු පාසලේ ගුරුතුමී ඇය රූ සිරි ඇතී නැටුම් පන්තිය බලා ඉන්නට තිබේනම් මට ඒ ඇතී මගේ හිත මේ ගැහෙන තාලය තවම ඇය දන්නේ නැතී තනෙන තම්දෙන ඇසෙන විට මා සිටින තැන මතකත් නැතී ඔසරි පොට ගෙන පිසූ දෙකොපුල රෝස පැහැයක් ගෑවුනා නීල වරලස නටන තාලෙට සිහිනි ඉඟසුඟ නැල උනා සුරඟනක් වැනි මෙවන් සුන්දර රූසිරින් මන් මත් උනා හද්ද පිටිසර සොඳුරු පෙදෙසක ඉලුක් සෙවනට ගොඩ උනා වාඩිවෙන්නත් තැනක් නැන මෙහි පිලේ පැදුරක් එලන්නම් තාත්තා හේනට වෙලා ඇති ඉන්න හනිකට කියන්නම් පයින් ඇවිදින් මහන්සිත් ඇති බොන්න බෙලිමල් හදන්නම් ඉන්න හවසට යන්න හැකි නොවැ කන්න විගහට උයන්නම් කිසිත් නොකියා බලා සිටියෙමි මගෙ හිත ගොලු වූ නියා මටත් නොදැනිම මගෙ හිත දුර ඈත ලොවකට ගෙනගියා බොන්න දුන් බෙලි මල් කෝප්පය පිලේ උඩ පසෙකින් තියා සොයා සුව සිහිනයේ ලොව තුල සිටින්නෙමි දෙනයන පියා මොකද මේ මහ දවල් නිදි ඇයි දෙව්ලොවින් ඇසුනා වැනී දෙනෙත් හැර බැලු කලට මිහිබට සුරඟනක් අසලින් උනී කොහේ කොයි අත ගියා දෝ පෙර දිනේ මට බැට දුන් තනී දෙන... Read more