නූල සිඳගත් සරුංගලයක් Get link Facebook X Pinterest Email Other Apps October 01, 2014 නිහඬ මේ රෑ සඳෙන් බැස අඳුරු මුල්ලක සැඟවෙනා වීදි කෙලවර ගසක් යට වියලි කොල රොඩු හඬවනා එරුණු කිරිටික දෙන්න පින නැති පවට සොයමින් කාරනා නූල සිඳගත් සරුංගලයක් තවත් අත්තක පැටලුනා Get link Facebook X Pinterest Email Other Apps Comments
කෙටි ජීවිතය January 10, 2017 රැස් කඳ විදා මහ ගිරි මුදුනත නාවා ඒ ගිර පාමුලේ මල් ගොමුවට ආවා මේ රෑ රෑහි හඬ මැද කුසුමක් ගාවා රෑ එලි වෙන තුරා පෙම් ගීයක් කීවා තනිකර දමා සඳ මත සැතපෙන හාවා හිරු ගල වැටෙන මොහොතේ එබිකම් පෑවා කඳු පාමුලට වන් සඳ රැස් ගඟ ගාවා නැලවෙන කුසුම සඳ වෙත කවියක් කීවා රෑ ඝන අඳුර මැද සීතල සුලඟ මැදින් මා මන මත් උනත් රැස් ගඟ සෙනෙහෙ නදින් කලු සලු උනා සැරසෙන ගිරිසිකර මතින් සැඟවී කොහේ යන්නෙද මීදුමට මැදින් හෙට ගොම්මනේ යලි මා මෙහි සොයනු එපා කෙටි ජීවිතය නැත මා ගැන අනුකම්පා කන්ද උඩින් සුපුරුදු ලෙස සෙනෙහෙ පපා අලුතින් පිපුනු මලකට ලං වෙන්න එපා Read more
හිඳී සොම්නස ජය ලබා August 30, 2011 ගමේ පොල් අතු පාසලේ ගුරුතුමී ඇය රූ සිරි ඇතී නැටුම් පන්තිය බලා ඉන්නට තිබේනම් මට ඒ ඇතී මගේ හිත මේ ගැහෙන තාලය තවම ඇය දන්නේ නැතී තනෙන තම්දෙන ඇසෙන විට මා සිටින තැන මතකත් නැතී ඔසරි පොට ගෙන පිසූ දෙකොපුල රෝස පැහැයක් ගෑවුනා නීල වරලස නටන තාලෙට සිහිනි ඉඟසුඟ නැල උනා සුරඟනක් වැනි මෙවන් සුන්දර රූසිරින් මන් මත් උනා හද්ද පිටිසර සොඳුරු පෙදෙසක ඉලුක් සෙවනට ගොඩ උනා වාඩිවෙන්නත් තැනක් නැන මෙහි පිලේ පැදුරක් එලන්නම් තාත්තා හේනට වෙලා ඇති ඉන්න හනිකට කියන්නම් පයින් ඇවිදින් මහන්සිත් ඇති බොන්න බෙලිමල් හදන්නම් ඉන්න හවසට යන්න හැකි නොවැ කන්න විගහට උයන්නම් කිසිත් නොකියා බලා සිටියෙමි මගෙ හිත ගොලු වූ නියා මටත් නොදැනිම මගෙ හිත දුර ඈත ලොවකට ගෙනගියා බොන්න දුන් බෙලි මල් කෝප්පය පිලේ උඩ පසෙකින් තියා සොයා සුව සිහිනයේ ලොව තුල සිටින්නෙමි දෙනයන පියා මොකද මේ මහ දවල් නිදි ඇයි දෙව්ලොවින් ඇසුනා වැනී දෙනෙත් හැර බැලු කලට මිහිබට සුරඟනක් අසලින් උනී කොහේ කොයි අත ගියා දෝ පෙර දිනේ මට බැට දුන් තනී දෙන... Read more
Comments
Post a Comment