මැති ඇමතිවරු සිරිලක දුක් විඳියි රට සැදුමට
කපුටෙකු වසා මලකට
උරා බොයි රොන් හෙමිහිට
අත්තක කූඩු සදනට
මාලුවෙකු ඉගිලුනා ගසකට
සුන්දර හවස් වරුවක
බල්ලෙක් ගී කියයි තාලෙට
සයුරේ සිටන් ඉහලට
ගංගාව ගලයි කන්දක
මැති ඇමතිවරු සිරිලක
දුගී දුක දුරු කරනට
එකා මෙන් එක ගමනක
දුක් විඳියි රට සැදුමට
Comments
Post a Comment