පෙම් කරමි සැමදා කවි කමට Get link Facebook X Pinterest Email Other Apps October 01, 2014 කරදර එමට ඒ ගැන වදවෙනු කුමට කවියක සුමට වදනක සඟවන කලට රසකර රසට ලියනා කල එන සතුට එනයින් පෙම් කරමි සැමදා කවි කමට Get link Facebook X Pinterest Email Other Apps Comments
ගැමි ලිය September 29, 2011 සූසැට බරණ රණ් සලු පිලි නැතුවාට අඩුවක් පෙනේවිද ගැමි ලියගේ කාට නැතිමුත් දෙතොල ගැල්වූ දේදුනු පාට පහනකි දිලෙන ආලෝකය දෙන රෑට වත්තේ පහල හැමදා ඇවිදින ඈට දෙපයේ වෙලෙන්නට මිරිවැඩි නැතුවාට දෙපතුල බදන් දෙන කෙඳිරිලි නැත රෑට සුව නින්දක් නිදයි වත නැනසුම් පාට දිය පිරි කලය සෑදූ සිහිනිඟක සිරී පිරිපුන් නිතඹ නැලවේ දෙව්ලියක සරී උවනේ සිරිය වෑහේ සෙනෙහසින් පෙරී ඇය මේ ගමට සිරියයි ඇති නොමද දිරී Read more
බමර විසතුඩු October 08, 2011 මලක් මලවට බමන බමරුට කියූ මල් පැණි කතාවයි ඇසූ ඒ රස කථාවෙන් ඔදවැඩුණු නර්තන ලතාවයි බමර ගුමු ගුමු අතර විසතුඩු ඇනෙන්නේ එක වතාවයි එයින් අවසන දකින්නේ පිපි මලේ සියුමැලි සිනාවයි Read more
Comments
Post a Comment