කොයිතරම් සුන්දරද නුඹට දැනුනිද කියන්න


අන්න සොඳුරිය බල්ලන්න
ඈත අහසේ සඳත් පායා
එන්න එහි සුව විඳින්න
කොයිතරම් සුන්දරද
නුඹට දැනුනිද කියන්න
සීත මීදුම් ගලන මේ
මිටියාවතේ දුක තියන්න
සීත සුලඟේ දැවටෙනා
හදවතේ උනුහුම දකින්න
රෑහි හඬ මැද මීදුමේ
ජීවිතේ තාලය අහන්න
ඈත වස්දඬු රාවයට
හීනියට කන් යොමන්න
පාලු අඳුරට දෙනෙත් හරවා
මොහොතකට නෙත් පියන්න
කොයිතරම් සුන්දරද
නුඹට දැනුනිද කියන්න

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු