නටන් ලඳුනි තාන තඳෙන



 
නීල වරල ගොතා සොඳින
ඉඟ තදකර රෙද්ද අඳින
පලා රෙද්ද උඩට දෙදන
සොලව සොලව පිරුනු දෙතන
යනෙන ගමන මන කලඹන
රඟන රැඟුම තාන තඳෙන
 බීර බඳුන් සුරා මතින
මන මත් උන දනවත් දන
බලා හිඳින නුරා නෙතින
සිගරට් දුම් ගුලි විසිරෙන
තාලයකට උඩ පැන පැන
ජීවිතයට තාල සොයන
කාසි පනම් කොට මුල් තැන
නටන් ලඳුනි තාන තඳෙන
 
 
 
 

 

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු