Posts

Showing posts from December, 2016

අනුන්ගේ පහනෙන් එලිය බැලීම

ආඩම්බරෙන් පුන්සඳ දිලුනත් අහසේ රැස් මාලාව හිරුගෙනි ගත්තේ රහසේ හිරු සඳු දෙක මැදට ලෝකය ආ දවසේ සඳු හැංගුනා ලැජ්ජාවෙන් හොර රහසේ

දුක් නැති මග

මෙත් මද හිත් වෙත් සැමතැන තෙත් නැතිය ලත් මනුසත් හිත් ඇත හිත්පිත් නැතිය රත් වන නෙත් වෙත් එහි කඳුලක් නැතිය ගත් මග සත්ගුනවත් නම් දුක් නැතිය

සත්ගුනවත් ජනතාව

ගස්ටික කපා විකුනා ගත්ත පෙජරෝව දූවිලි අව්ස්සාගෙන යනවිට දනහිස දක්වා වූ සරම ඇස්වටයට හෙලා කානුවට බසින කලගුන දත් සත්ගුනවත් ජනතාව, වතුර ටික ගෙනා බව්සරයේ ටැප් එක ලෙවකන කිරිටික උරා බී ඇට පෑදුන එලදෙන උස්සා විකුනා පාන් රාත්තලකට වගකියන

වෙසක්

බිඳ බිඳ සිල් පද දන්සල් වැඳ වැඳ සයිකල් රොද බැඳ නාලගිරි ලෙද කිපිලා මෙන් මද පාරේ දෙන වද පන්සල් පාලුය සෙනගයි නැත්තේ දන්සල් ලඟ දිග පෝලිං ඇත්තේ

අද තනියට ට්‍රැක්ටරයයි නගුල් ටිකයි

කුඹුකේ ලිඳෙන් දිය ගෙන රෙදිකඩින් පෙරා ලබුකැටයට වත්කර එය වමත දරා බටපොතු පෙට්ටියට සරි කල ඇඹුල පුරා එය ගත් දකුනතට සිහිනිඟ උදව් කරා ගෙවිලිය මගේ මනසේ මේ ලෙසට ඇඳී මෙතුවක් කලක් සිටියා එක ලෙසට රැඳී මොන ගංතුලානේ මොන කුඹුරකට වැදී බැලුවත් දකින්නට ඇය නැත තවම නිදී හන්දියෙ කඩෙන් බෝතලයට ප්ලේන්ටියයි ඉතුරු වලට බීඩි දෙකයි බුලත්විටයි උදේ ඉඳන් ගොවිමහතුන් කුඹුරු කොටයි අද තනියට ට්‍රැක්ටරයයි නගුල් ටිකයි

කතාකරන පින්තූරය...

Image
දුම් මැස්සේ හිස් උනු බටපොතු පෙට්ටී නොපිට හැරුනු කුනු දූවිලි කන මුට්ටී කලකින් ගින්දරක සුව විඳ නැති හට්ටී එක් තැන් වෙලා මැස්සේ තැන තැන අට්ටී කොස් කාලයට කොස් ඇට මුල්ලේ වලලා අවාරයට වැලි කොස් ඇට ගෙන උයලා හත් අට දෙනෙක්ගේ කුසගිනි දුන් නිවලා අද ඒ කුස්සියත් මහලුය දුක් විඳලා පොල් කොල සූර සූරා ඉන් ඉරටු ගෙන මට්ටම් වන්න ඉහ පැත්තෙන් බිමට ඇන සකසාගත්ත ඉලපත ගෙන නමා ඉන කුනු ටික සෙමින් කුනු මුල්ලට උරුම වින දෙල් අටුකොස් ගුඩු කජු ඇති දුම් මැස්සේ බට පොතු පෙට්ටි පිරිලා පියනද ඉස්සේ මැවිලා පෙනී නෙත් දෙක දෙ අතින් පිස්සේ හිස් උනු පෙට්ටි ඇත තනියට දුම් මැස්සේ මේ කුස්සියෙන් පිට ලෝකය සොයා නොයා ඇය නොදැනීම කාලය ගතවෙලා ගියා පිල උඩ දිගාවී වෙව්ලන දෙනෙත අයා මග බලමින්ම හැන්දෑවේ නින්ද ගියා සිනා මුවින් සැමියා ගෙට එන සැටියා දැක පෙරමගට විත් පසෙකට වී සිටියා සතුටට කාරනා ඇය විමසා සිටියා රත්තිට හම්බුනා අද කුලුඳුල් පැටියා පාසල නිම වෙලා දුව දිව එයි පිම්මේ හුරතල් කේලමක් ඇය අතහැර දැම්මේ ඇයි දන්නවද අයියල නාවේ අම්මේ අයියයි මල්ලිලයි තාමත් වැව් බැම්මේ බල්ලෙක් උඩු බුරන සද්දෙට හිස උස්සා වෙව්ල...

දියමත සේයාව

බලන සැඳෑවේ දෙකන් තෝඩු සරසන්නට තරු කැකුළු හිනාවේ බලා ඉන්න බැරිතැන හමනා සුලං ලතාවේ සැලී සැලී වැවුදිය මත ඉවුරු කොනට පාවේ වලාකුලේ මාලිගාව තුලින් බිමට වැටුනයි අමාවකේ උනත් සඳේ සිරියා වත පෙනුනයි කලා වැවේ රලින් රලට වත රූසිරි බිඳුනයි ඇගේ වතේ ඇඳි රූසිරි වැවු පතුලට කිඳුනයි හමා ඇදෙන පවන් රොදේ දුක් ගී හඬ ඇසුනයි පවන් වැදී කලා වැවේ තව තව රැලි නැගුනයි දියමත සේයාව සඳේ සැඩ රල මත බිඳුනයි ඇගේ වතේ ඇඳි රූසිරි වැවු පතුලට කිඳුනයි

අය වැය

කන්දක් තරම් විලිලා දී සුභ හීන මී පැටියෙක් රවී නැට්ටෙන් එල්ලාන මහජනතාව ඉන්නා තුරු කරබාන ආඩම්බරයි ඌ ලඟ ඇති ගොං බාන

ඇය

මවු මුව අගින් වෑහෙන නැලැවිලි සින්දූ සිනහව පුතුන් දෙදෙනා මුව අග රැන්දූ හිමිදිරි උදේ නිවසට සිරිකත කැන්දූ ඈ පෙර එදා මා හා පෙම් කල ලන්දූ අමර සරින් නොමියෙන ගීයකි ගැයුන පෙරටත් වඩා එහි රස අද මට දැනින තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

රුවට පිපි සඳ

රුවට පිපි සඳ තඹර විල මැද රැයේ නැලැවෙන මිහිරි නද සිහින් මීදුම් සලුව ඇතිරූ තණ පලස මත වැතිර සිට අසා ඉමු අපි බලා ඉමු අපි මෙවන් සුන්දර අහස යට මුවා වෙමු අපි ලොවේ දෑසින් අපිට වෙන්වූ මොහොතකට

ගස් ගඳ

නේක සුවඳින් සුවඳ විලවුන් උලාගත්තත් පල නැති සුවඳ වෑහෙන සබන් වතුරක බැහැල උන්නත් පල නැති එක දිගට සත් දිනක් එක ලෙස වතුර නෑවත් පල නැති පුදුමයි ඒත් පුදුම නැති ..... ගස් ගඳ නම් යන්නේම නැති

කක්කුටු බෙන

නියර මඩ තියා වක්කඩ බැඳ සොඳින වතුර අවැසි ලෙස එක් වන්නට යෙදින පැදුර දකින කල වෙහෙසුන ගත රිදෙන වෙහෙස නොදත් කක්කුටු රැල බෙන විදින