අද තනියට ට්‍රැක්ටරයයි නගුල් ටිකයි
කුඹුකේ ලිඳෙන් දිය ගෙන රෙදිකඩින් පෙරා
ලබුකැටයට වත්කර එය වමත දරා
බටපොතු පෙට්ටියට සරි කල ඇඹුල පුරා
එය ගත් දකුනතට සිහිනිඟ උදව් කරා
ලබුකැටයට වත්කර එය වමත දරා
බටපොතු පෙට්ටියට සරි කල ඇඹුල පුරා
එය ගත් දකුනතට සිහිනිඟ උදව් කරා
ගෙවිලිය මගේ මනසේ මේ ලෙසට ඇඳී
මෙතුවක් කලක් සිටියා එක ලෙසට රැඳී
මොන ගංතුලානේ මොන කුඹුරකට වැදී
බැලුවත් දකින්නට ඇය නැත තවම නිදී
හන්දියෙ කඩෙන් බෝතලයට ප්ලේන්ටියයි
ඉතුරු වලට බීඩි දෙකයි බුලත්විටයි
උදේ ඉඳන් ගොවිමහතුන් කුඹුරු කොටයි
අද තනියට ට්‍රැක්ටරයයි නගුල් ටිකයි
මෙතුවක් කලක් සිටියා එක ලෙසට රැඳී
මොන ගංතුලානේ මොන කුඹුරකට වැදී
බැලුවත් දකින්නට ඇය නැත තවම නිදී
හන්දියෙ කඩෙන් බෝතලයට ප්ලේන්ටියයි
ඉතුරු වලට බීඩි දෙකයි බුලත්විටයි
උදේ ඉඳන් ගොවිමහතුන් කුඹුරු කොටයි
අද තනියට ට්‍රැක්ටරයයි නගුල් ටිකයි
Comments
Post a Comment