දියමත සේයාව
බලන සැඳෑවේ
දෙකන් තෝඩු සරසන්නට
තරු කැකුළු හිනාවේ
බලා ඉන්න බැරිතැන
හමනා සුලං ලතාවේ
සැලී සැලී වැවුදිය මත
ඉවුරු කොනට පාවේ
දෙකන් තෝඩු සරසන්නට
තරු කැකුළු හිනාවේ
බලා ඉන්න බැරිතැන
හමනා සුලං ලතාවේ
සැලී සැලී වැවුදිය මත
ඉවුරු කොනට පාවේ
වලාකුලේ මාලිගාව
තුලින් බිමට වැටුනයි
අමාවකේ උනත් සඳේ
සිරියා වත පෙනුනයි
කලා වැවේ රලින් රලට
වත රූසිරි බිඳුනයි
ඇගේ වතේ ඇඳි රූසිරි
වැවු පතුලට කිඳුනයි
හමා ඇදෙන පවන් රොදේ
දුක් ගී හඬ ඇසුනයි
පවන් වැදී කලා වැවේ
තව තව රැලි නැගුනයි
දියමත සේයාව සඳේ
සැඩ රල මත බිඳුනයි
ඇගේ වතේ ඇඳි රූසිරි
වැවු පතුලට කිඳුනයි
තුලින් බිමට වැටුනයි
අමාවකේ උනත් සඳේ
සිරියා වත පෙනුනයි
කලා වැවේ රලින් රලට
වත රූසිරි බිඳුනයි
ඇගේ වතේ ඇඳි රූසිරි
වැවු පතුලට කිඳුනයි
හමා ඇදෙන පවන් රොදේ
දුක් ගී හඬ ඇසුනයි
පවන් වැදී කලා වැවේ
තව තව රැලි නැගුනයි
දියමත සේයාව සඳේ
සැඩ රල මත බිඳුනයි
ඇගේ වතේ ඇඳි රූසිරි
වැවු පතුලට කිඳුනයි
Comments
Post a Comment