Posts

Showing posts from 2014

නටන් ලඳුනි තාන තඳෙන

  නීල වරල ගොතා සොඳින ඉඟ තදකර රෙද්ද අඳින පලා රෙද්ද උඩට දෙදන සොලව සොලව පිරුනු දෙතන යනෙන ගමන මන කලඹන රඟන රැඟුම තාන තඳෙන   බීර බඳුන් සුරා මතින මන මත් උන දනවත් දන බලා හිඳින නුරා නෙතින සිගරට් දුම් ගුලි විසිරෙන තාලයකට උඩ පැන පැන ජීවිතයට තාල සොයන කාසි පනම් කොට මුල් තැන නටන් ලඳුනි තාන තඳෙන          

කොයිතරම් සුන්දරද නුඹට දැනුනිද කියන්න

අන්න සොඳුරිය බල්ලන්න ඈත අහසේ සඳත් පායා එන්න එහි සුව විඳින්න කොයිතරම් සුන්දරද නුඹට දැනුනිද කියන්න සීත මීදුම් ගලන මේ මිටියාවතේ දුක තියන්න සීත සුලඟේ දැවටෙනා හදවතේ උනුහුම දකින්න රෑහි හඬ මැද මීදුමේ ජීවිතේ තාලය අහන්න ඈත වස්දඬු රාවයට හීනියට කන් යොමන්න පාලු අඳුරට දෙනෙත් හරවා මොහොතකට නෙත් පියන්න කොයිතරම් සුන්දරද නුඹට දැනුනිද කියන්න

වත්කම්

ගුනවත්කම් හිතවත්කම් නැති මොන වත්කම් තිබුනත් පල නැති ගුනවත්කම් හිතවත්කම් ඇති මොනව නැතත් ඒටිකමත් ඇති

පෙම් කරමි සැමදා කවි කමට

කරදර එමට ඒ ගැන වදවෙනු කුමට කවියක සුමට වදනක සඟවන කලට රසකර රසට ලියනා කල එන සතුට එනයින් පෙම් කරමි සැමදා කවි කමට

මැති ඇමතිවරු සිරිලක දුක් විඳියි රට සැදුමට

කපුටෙකු වසා මලකට උරා බොයි රොන් හෙමිහිට අත්තක කූඩු සදනට මාලුවෙකු ඉගිලුනා ගසකට සුන්දර හවස් වරුවක බල්ලෙක් ගී කියයි තාලෙට සයුරේ සිටන් ඉහලට ගංගාව ගලයි කන්දක මැති ඇමතිවරු සිරිලක දුගී දුක දුරු කරනට එකා මෙන් එක ගමනක දුක් විඳියි රට සැදුමට

සෙවනැලි

Image
දිරාගිය ඉපල් කඳ නොසෙල්වී සිටිනමුත්, සැඩ සුලං ගිනිඅව්ව උහුලමින්. චන්ඩ හිරු රැස් කඳට අවනතව, දුටිමි මොහොතින් මොහොත, නැමි නැමී පොලොවේ ,   ඉරි අඳින සෙවනැලි.  

නූල සිඳගත් සරුංගලයක්

නිහඬ මේ රෑ සඳෙන් බැස අඳුරු මුල්ලක සැඟවෙනා වීදි කෙලවර ගසක් යට වියලි කොල රොඩු හඬවනා එරුණු කිරිටික දෙන්න පින නැති පවට සොයමින් කාරනා නූල සිඳගත් සරුංගලයක් තවත් අත්තක පැටලුනා

නිවස

පොලිය දාහතරයි වාරිකය තුන්දාහයි පඩිය පන්දාහයි ගෙයක් සදනට නයක් ගත්තයි අත්තිවාරම දැම්මයි ඒ උඩ ගඩොල් බැම්මයි වහලෙ ගැහුවම ගැම්මයි තවම යන්නේ පැනපු පිම්මයි පුතා ටික ටික ලොකුවේ දනිස් මාබල් නොමැති පොලොවේ ගැටි ගැටී ගල්වේ ගේ ඒ තැනම පල්වේ නයනම් ඉවර නැතී තවත් අවුරුදු විසිපහක් ඇති පඩිපත බැංකුවට යති අඩක් වත් තව ඉවරනම් නැති පුතුට දැන් විසිපහයි මට දැන් පනස් පහයි අර්තසාදකේ ගත්තයි ගෙයි වැඩත් යාන්තම් අහවරයි පුතු කොලඹ යන්නේ බැංකුවකමයි වැඩ කරන්නේ ලඟදිම බඳින්නේ ගේ තමයිලුනෙ තියන ප්‍රශ්නේ මෝස්තරේ පරණයි පුතු තාම තරුණයි පරණ ගේ කැඩුනයි තවම ඇත්තේ ප්ලෑන පමනයි

මට නුඹ හැර කවුරූ

පියුම් සදිසි ඔය සිනාව සුර අඟනන් පැරදූ සුර පුර මවනා මිහිමත නුඹ මිහිබට දෙව්දූ කොපමන ආවත් මතුවට දුක් බාදා පවුරූ බිඳ ජයගමි නුඹෙ සෙනෙහස මට නුඹ හැර කවුරූ

සුදු පුතා

කවුළුව තුලින් එන සීතල සුලං                වැදී මගෙ සුදු පුතා අද ගුලිවී සුවෙන්               නිදී දකිනා මගේ සිත නලියන හැඟුම්          පොදී එක්කර එකට බැඳ කවියක් හිතේ             අඳී ගිගුරුම් හඬට අතපය උස්සා               ගස්සා හැරුනා මුනිං පුතු උස්සාගෙන            පස්සා මගෙ හදවතට සෙනෙහස් පිනිදිය       ඉස්සා මට මෙය බලන්නම එක දිගටම        වැස්සා

වරද කොතනද?

මල්වර වූ ප්‍රේමය ඇත ගෙයි මුල්ලේ හංගා තනිකම් දොස් නැත තනියට ඇය ළඟ ඇගෙ නංගා ගේ වටකළ තාප්පයට දෙස් තිය තිය භෘංගා මූණ වසන් දඬු මොනරෙන් පැනගියාලු රුංගා

සැනසුම

හිත් පිත් නැති හිස් මිනිසුන් මැද හිත සැනසුම සෙව්වේ සිසිලස කෙලෙසක උපදින්නද මේ ගිනියම් අව්වේ ඇස් කන් නැති, නිදිගත් විලසින් නිති කාලය ගෙව්වේ හොඳ මිස නොහොඳින් කිසිමදිනෙක නැත සැනසුම මැව්වේ

සිසිලසක් සොයමින්

ආදරය උනුසුම් නමුත්, විරහවත් ඇයි මේතරම් ගිනියම්, උනුසුමත් ගිනියමත් හැර ඈ, සිසිලසක් සොයමින් යමින්, මේ තරම් දුර ගෙවා ආවේ, වේදනාවෙන් ඉකිලමින්, කොයි තරම් තව දුරක් යන්නද, සිසිලසක් සොයමින් ඉතින්…….